නෙතින් නෙත බලාලා

"නෙතින් නෙත බලාලා හිතේ දුක නිවා
අදින් පසු මියේවී අපේ ඒ කතා ...
රකින්නට සෙනේහේ හඩන්නට එපා,
නිමාවක් නොවේ මේ ඇරඹුමක් නිසා..."


හිමිවෙන්නට පෙරුම් පුරන ඔය ආදරේ අහිමි වෙන බව දැන දැනමයි, මං ඔයාව මගේ කරගත්තේ...
හමුවෙලා වෙන් වෙන හැම දවසකම දැනුනට වඩා මහා ලොකු දුකක් හිතට දැනෙන්නේ ආයෙත් දවසක ඔය ඇස් නොදකින බව හිත දන්න නිසා වෙන්නැති..


"ඈත් බව දැනීලා - ඔබේ හා මගේ
දුරක් ආ නිසා දැන් දුකක් නෑ වගේ..
මහා සාගරේ සේ තිබුණත් සිතේ
කුමට හිමිවුනාදෝ අහිමි ආදරේ..."


තවත් මං මොනවා කියලා ප්‍රාර්ථනා කරන්නද .. මගේ කියලා හිටපු ඔයත් ඈත් වෙලා ගියායින් පස්සේ... 

"පතන්නට පවා මා වරම් අහිමි වු
හැගීමක් රිදුම් දේ හිතට උරුමවු...
දිනන්නට කිසිත් නෑ ලොවේ මින් මතු,
මගෙන් ඔබ ඈත්වී ගියායින් පසු..."





Comments