යශෝදරා කියන්නේ මේ ලෝකේ උතුම්ම කාන්තාව. බෝසතානන් කාලේ ඉදලා සිද්ධාර්ත කුමාරයා බුදු වෙනකම්ම පස්සෙන් ආපු මාතු භාර්‍යාවක්...
කුමාරයා ගිහිගේ අතෑරලා ගියපු දා ඉදලා පුංචි රාහුලත් හදාගෙන උඩුමහලින් බිමටවත් එන්නේ නැතුවයි හිටියේ. බුදු හාමුදුරුවෝ ආපහු මාළිගාවට වඩම කල දවසේ වත් යශෝදරා ඒ දානෙට ආවේ නෑ.
දානේ ඉවර උනාමත් යශෝදරා නෙමයි බුදු හාමුදුරුවොයි ඈ ලගට ගියේ. ඒ වෙලාවේ බුදු සිරිපා වැලදගෙන ඈ අඩලා තියනවා. බුදු සිරුර ස්පර්ශ කරන්න සාමන්‍යෙන් කෙනෙක් ට බෑ. ආනන්ද හාමුදුරුවෝ ඈ වලක්වන්නට උත්සාහ කලත් බුදු හාමුදුරුවො ඒක නවත්තනවා. ඒ අනන්ත සසර පටන් ඈ වින්ද දුක් වලට ඇගේ ලය පැලී මිය යන්නට උනත් පුළුවන් හින්දා.
ඈ ඇඩුවා.....
සසරෙම වින්ද දුක ඈ එදා කදුලින් දිය කරලා හරිනවා.
බුදු හාමුදුරුවොත් තමන්ට ආදරේ කරපු, සංසාරේ පාරමිතා පුරන්න පිහිට වුනු කෙනා ලගට ගියා නම්... ඇයි අපිට බැරි මේ තරහා මරහා අමතක කරන්න.....
එයින් මිදෙන මං පෙත සොයනා කල
ඔබෙන් ලැබින නිබදවම සියළු වෙර...
සමාධියෙන් සිත ඈත දිවෙන කල
පමා නොවී යලි ඇවිදින් මේ ලෙස...
Comments
Post a Comment