සිමෙන්ති, කිරිපිටි, ගෑස් මෙන්ම තිරිඟුපිටි මිල ගණන් සම්බන්ධයෙන් හෙට සවස පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අවසන් තීරණය ගන්නා බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
අදාළ භාණ්ඩවල හිඟයක් වෙළෙඳපොළේ පවතින බව වාර්තා වෙයි.
වෙළෙඳපොළේ කිරිපිටි හිඟයක් ඉකුත් ජුලි මාසයේ නිර්මාණය වූ අතර ඊට විසඳුම් ලෙස කිරිපිටි ආනයනකරුවන්ට සහානයක් දීමට රජය පියවර ගත්තේය.
එහෙත් වෙළෙඳපොළේ අදටත් කිරිපිටි හිඟයක් පවතින බවට පාරිභෝගිකයන් මැසිවිලි නගයි.
නුගේගොඩ ජුබිලි කණුව ප්‍රදේශයේ අද කිරිපිටි මිලදී ගැනීම සඳහා දිගු පෝලිමක් පැවැති අතර එහිදී පාරිභෝගිකයන් සහා වෙළෙඳසැලෙහි සේවකයන් අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදුවුණි.
ලාෆ් ගෑස් හිඟයක් මතුවූ විට ඔවුන්ට මිල වැඩිකිරීම සඳහා ඉඩදීමට රජය පියවරගත්තත් තවමත් වෙළෙඳපොළේ ලාෆ් ගෑස් මිලදී ගැනීමට නොමැති බවද ජනතාව පවසයි
Comments
Post a Comment