තවත් ගිවිසුම් දෙකක් ?



යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් පවතින ගැටලුවලට තවමත් විසඳුමක් නොලැබුණු බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ අදාළ අමෙරිකානු සමාගම අත්සන් කිරීමට නියමිත තවත් ගිවිසුම් දෙකක් පිළිබඳව ද අනාවරණය වූ බවය.

"ප්‍රශ්නයට විසඳුමක් නෑ තවම. දැනට අමෙරිකානු සමාගම සමග අත්සන් කිරීමට නියමිත තව ගිවිසුම් දෙකක් තියෙන බව තමයි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අපිට වාචිකව ප්‍රකාශ කරලා තියෙන්නේ. අපි ඉතා ඉක්මණින් පක්ෂ 11 රැස්වෙලා මේ පිළිබඳව අපේ ප්‍රතිචාරය කුමක්ද කියන එක තීරණය කරනවා."

Comments