රටේ ජනතාව තමා ජනාධිපති ලෙස පත්කර ගත්තේ පරිප්පුවල හෝ හාල්වල මිල බලන්නට නම් ඉන් පලක් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඒ අනුව ජනාධිපතිවරයා උඩුබැද්දාව බුන්නැහැපොළ ගොවිපොළ ඊයේ උදේ නිරීක්ෂණය කිරීමෙන් පසුව අදහස් දක්වමිනි.
ජනාධිපතිවරයා එහිදී මෙසේද පැවසීය
පසුගිය රජය පවා කෘෂි කර්මාන්තයේ මේක කරන්න උත්සාහ අරගෙන තිබෙනවා. නමුත් මේක අමාරු කාර්යයක්. නමුත් අවාසනාවකට වගේ කිසිම නායකයෙක් මේ තීරණය අරගෙන නැහැ.
ජනතාව මා පත්කළේ පරිප්පුවල ගාන බලන්නයි සහල්වල ගාණ බලන්නයි නම් මගෙන් වැඩක් නැහැ. නමුත් මේ රටේ ඊට වඩා වැඩි වෙනසක් කළ යුතුයි. විශේෂයෙන් කෘෂි කර්මාන්තයේ .
Comments
Post a Comment