මෙරට පුද්ගලයින්ට තුන්වන එන්නත් මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීම හෙටින් (01) ඇරඹෙන අතර පළමුවෙන්ම එන්නත් හිමිවන්නේ ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලටය.
එලෙස ලබාදෙන්නේ ෆයිසර් එන්නතය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ,
"බූස්ටර් එන්නත ලබාදෙන්නේ තමන්ගේ දෙවන මාත්‍රාව ලබාගෙන මාස 6කට පසුවයි. ඉස්සෙල්ලාම ලැබෙන්නේ රෝගීන් එක්ක ඉදිරිපෙළ ගැටෙන සෞඛ්‍ය සේවකයින්ට, ත්‍රිවිධ හමුදාවට. ඒවගේම ගුවන්තොටුපොළ, වරාය, සංචාරක කර්මාන්තයේ සිටින අයටත්. ඊට පසුව අපි අවුරුදු 60ට වැඩි අයට ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. ඉන් පසු 30ත් 60ත් අතර විවිධ රෝගාබාධ ඇති අයට. ඉන්පසුව අවුරුදු 20ට වැඩි සියලුම අයට අපි බූස්ටර් එන්නත ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා."
ඒ අනුව ඔබට හිමි එන්නත ලබ ගැනීම සදහා ඉදිරියේදි නියමිත දිනය සහ වේලාව දැනුවත් කෙරෙනු ඇති .
Comments
Post a Comment