
පවතින තත්ත්වය හමුවේ ලංකා IOC සමාගම ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
එහි කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා සඳහන් කළේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් හා ඩීසල් ලීටරයක් රුපියල් 30 කින් මිල ඉහළ නැංවීමට රජයේ අනුමැතිය අපේක්ෂාවෙන් සිටින බවය.
මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීමට අපේක්ෂා නොකරන බව රජය තමන්ට දැනුම් දී ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා පවසයි.
ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද සටහන් වුණේ අමෙරිකානු ඩොලර් 84.8ක් ලෙසය.
එය 2018 වසරින් පසු එම වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූ ඉහළම අගය ද විය.
කොවිඩ් වසංගතයෙන් පසු නිෂ්පාදන කටයුතු ඉහළ යාම,ස්වභාවික බලශක්ති සඳහා වන පිරිවැය අධිකවීම හේතුවෙන් දැවිතෙල් හා ඩීසල් වෙත සමාගම් යොමුවීම හා ඔපෙක් සංවිධානය යටතට ගැනෙන තෙල් නිෂ්පාදන රටවල් සිය නිෂ්පාදන කප්පාදු කිරීම මෙලෙස බොරතෙල් මිල ඉහළ යාම කෙරෙහි බලපා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙරට ඉන්ධන මිල නැවත වරක් ඉහළ නැංවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවසර ඉල්ලා සිටි නමුත් රජය ඊට අනුමැතිය නොදුන් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා අද (17) අනාවරණ කළේය.
Comments
Post a Comment